Archviz Online Masterclass 2.0 - Registration -

Welcome To You All...!!! 

ඉතින් එහෙනම් කතාව මේකයි. ඔයා Architecture හෝ ඊට සම්බන්ධ ක්ෂේත්‍රයක් ගැන,

- දැනට ඉගෙන ගන්නවා නම්,

- ඉදිරියේදී ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්,

- ඒ හා සම්බන්ධ ක්ෂේත්‍රයක රැකියාවක් කරන හෝ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්,

- Freelancer කෙනෙක් විදිහට මේ ක්ෂේත්‍රයේ වැඩ කරනවා නම් හෝ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා නම්,

මම හිතන්නේ මේ masterclass එක ගොඩක් වැදගත් වේවි. ඒක නිසා post එක ටිකක් දිග වුනත් කමක් නෑ කියවන්න කියලා මම ආරාධනා කරනවා. ❤️

ඔයා Architect කෙනෙක්, Architecture Student කෙනෙක්, Engineer කෙනෙක්, freelance 3D Artist කෙනෙක්, Draftsman කෙනෙක්, interior designer, landscape designer කෙනෙක් හෝ කලින් මම කියපු ඕනෑම ක්ෂේත්‍රයකට අදාල නම්, ඔයාට ඔයා නිර්මාණය කරන Architectural Projects වෙනදට වඩා ගොඩක් ආකර්ශණීයව, වෘත්තිමය මට්ටමින් ඉදිරිපත් කරන්න අවශ්‍යතාවය තියෙන කෙනෙක් නම් මේ Masterclass එක ඔයාලට වැදගත් වේවි කියලා මම හිතනවා. ❤️

මේ Masterclass එක host කරන මම Freelance Architectural Designer කෙනෙක්. architectural 3D Visualizer කෙනෙක්. Fiverr Platform එකේ Top-Rated Seller කෙනෙක්. ඉතින් මගේ projects කිහිපයක් මගේ Behance profile එකට මේ පහල link එකෙන් ගිහින් බලන්න පුළුවන්. ❤️ 

Portfolio Website 👉 www.shamiya3d.com

මම මේ Architectural Visualization Masterclass එක පටන් ගත්තේ  2022 අවුරුද්දේ දෙසැම්බර් මාසෙදි. මගේ social media profiles වලට ආපු comments එක්ක මම තීරණය කරනවා මම අවුරුදු 09ක් විතර තිස්සේ Architectural designing සහ visualization ගැන තනියෙන්ම එකතු කර ගත්ත දැනුම Online Masterclass එකක් තුලින්, මේ ක්ෂේත්‍රය ගැන කිසිම දැනුමක්, අත්දැකීමක් නැති කෙනෙකුට පවා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න හැමෝම එක්ක share කර ගන්න. 😊

ඉතින් ඒ විදිහට පටන් ගත්ත Online Masterclass එක මේ වෙද්දි Students ලා 150කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වුන Groups 05ක් මේ වෙද්දි මම කරලා තියෙනවා. ❤️

ඒ වගේමයි මේ Post එක කියවන්න කලින් මගේ WhatsApp Group එකට Join වෙලා ඔයාගේ ප්‍රශ්න සහ මේ course එක ගැන මගේ අනිත් updates දැන ගන්නත් පුළුවන්.

Introduction

ඉතින් මේ Masterclass එකේදි මම Sketchup, SketchUp LayOut, 3DS Max, V-Ray for SketchUp, Lumion, D5 render සහ Corona Render කියන Software හැම එකක්ම මුල ඉඳන්ම උගන්නනවා. ඒ වගේමයි Software විතරක්ම උගන්නන්නෙ නැතිව Architectural Visualizations වල මූලික කරුණු වගේ සිද්ධාන්ත හැම දෙයක්මත් මම මේ Masterclass එකේදි උගන්නන්න බලාපොරොත්තු වෙනවා. මේ Masterclass එකේදි මගේ ඉලක්කය තමයි Join වෙන ඕනෙම කෙනෙකුට නිකන්ම නිකන් Renderings හදන්න කියලා දෙනවා වෙනුවට සෑහෙන හොඳ Photorealistic quality එකකින්, නිර්මාණශීලී, හොඳම Architectural Visualizations නිර්මාණය කරන්න උගන්නන එක. ඒ ඉලක්කයට මගේ අනිත් Groups වල Students ලගෙන්ම මේ වෙද්දිත් ලඟා වෙන්න හැකි වීම සෑහෙන ලොකු සතුටක්.❤️

මාස 04ක්, හැම සතියකම, තෝරා ගත් දවස් කිහිපයකදී, හැම Software එකකටම පැය 02ක Live Sessions විදිහට විදිහට තමයි Timetable එක මම arrange කරලා තියෙන්නෙ. 

මේ දවස් කිහිපය හරියටම තෝරා ගන්නේ Course එක ආරම්භ කරාට පස්සෙ, Register වුන සියළු දෙනාගේම මතය විමසීමකින් පස්සෙ. එතකොට ඔයාට පහසු දවස් වලදි Course එකේ Live Sessions වලට Live Join වෙන්න පුළුවන්.

ඔයාට මේ වෙලාවල් වලදි Live Sessions වලට සම්බන්ධ වෙන්න අපහසුයි නම්, ඒත් කිසි ප්‍රශ්නයක් නෑ මේ හැම Live Session එකක්ම අවසානයේ සම්පූර්ණ Recording එක මම website එකට Upload කරනවා. ඒ Recordings ඕනෙම වෙලාවක, ඕනෙම device එකකින් ජීවිත කාලෙම බලන්න access ලැබෙනවා මේ masterclass එකට join වෙන ඔයාට.


මම මේ Masterclass එකේදි උගන්නන්න බලාපොරොත්තු වෙන Software ගැන දැන් පැහැදිලි කරන්නම්.


ඔයා මේ ක්ෂේත්‍රයට ආධුනික කෙනෙක් හෝ ඔයා ඉගෙන ගන්න ඕනෙ Software මොනවද, ඔයාගෙ Computer එකේ Run කරන්න පුළුවන් Software මොනවද කියන දේ ගැන පැහැදිලි හෝ කිසිම අදහසක් නැති කෙනෙක් නම් මේ දැන්ම 077 1500 542 Number එකට මට කෝල් එකක් දෙන්න. මම හරියටම පැහැදිලි කරන්නම් ඔයාට දැන ගන්න ඕනෙ හැම දෙයක්ම.

What's Included in the Course and Course Contents

මම මේ course එකේදි සාකච්ඡා කරන හැම Software එකකම අන්තර්ගතය, එහෙමත් නැත්නම් හැම Software එකකම Course Content එක පහල software logos උඩ click කරලා බලා ගන්න පුළුවන්.

මේ course එක ගැන, අන්තර්ගතය ගැන, කතා කරන software සම්බ්නන්ධව පැහැදිලි කරලා සම්පූර්ණ YouTube Live Session එකක් මම කරා. ඒ සම්පූර්ණ Session එකේ Recorded Video එක පහලින් බලන්න පුළුවන්.

What Will You Get Specially From This Course

මේ Masterclass එකේදි මම විශේෂ දේවල් කිහිපයක් Course එකට Join වෙන අයට ලබා දෙන්න තීරණය කරලා තියනවා.

01. Free Access to Complete Master Fiverr. Online Course

පලවෙනි දේ තමයි මම තීරණය කරා රු.14,000/-කට මම Sell කරන මගේ Master Fiverr Online Course එක 100%ක්ම Free දෙන්න තෝරා ගත්ත packages කිහිපයකට. මේ Master Fiverr Course එක Sessions 16ක, පැය 40කට අධික Content එකක් තියෙන, Fiverr ගැන හැමදෙයක්ම ආරම්භයේ සිට සාකච්ඡා කරන Course එකක්. මේ Course එකේ සම්පූර්ණ Content එක පහල link එකෙන් බලා ගන්න පුළුවන්.

ඉතින් මේ Course එක මම 100%ක් නොමිලේ දෙනවා ArchViz Online Masterclass එකේ තෝරා ගත්ත Packages කිහිපයකට. ඊට අමතරව 50%ක සහ 25%ක discounts ලබා දෙනවා තෝරා ගත්ත තවත් packages කිහිපයකට. ඉතින් ඒ Packages මොනවද කියලා පහල Package Prices සඳහන් කරලා තියෙන කොටසෙදි මම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා.

01. Printed Notebooks

පලවෙනි දේ තමයි Printed Notebooks. හැම software එකකටම වෙන වෙනම, සියළුම සිද්ධාන්ත කොටස් ආවරණය වෙන විදිහට අදාල Course Content එක සහ Special Notes, Shortcuts වගේ දේවල් අන්තර්ගත වෙලා තියනවා. ඒ වගේම High Quality Colour Printed විදිහට තමයි මේ notebook එක ඔයාලගේ අතට ලැබෙන්නෙ.

Course Fee and Other Details

ඉතින් වැදගත්ම දේ තමයි දැන් කතා කරන්න යන්නෙ. Course Fee එක. ඉතින් අවුරුදු 08ක මගේ මහන්සිය මම ඔයාලත් එක්ක මේ share කර ගන්න ලෑස්ති වෙන්නෙ. ඒ වගේමයි මම මේ Masterclass එකට ආයෝජනය කරන මගේ මහන්සිය වගේම, මට දරන්න වෙන අමතර වියදම් හැම එකක්ම සලකා බලලා මට මේ masterclass එක කරන්න පුළුවන් අවම Fee එක තමයි මම මෙතනදී  මේ සඳහන් කරන්නෙ. මොකද රටේ හැමෝම මේ ගෙවන්නෙ අමාරු කාලයක් නිසා.

ඒ වගේමයි ඔයා හරියට මේ Course එක සම්පූර්ණ කරලා, හොඳ Quality එකකින්, Photorealistic Renderings ටිකක් එක්ක සුපිරි Projects ටිකක් කරලා, ඔයාගෙ Portfolio එක ලස්සනට හදා ගත්තොත් ඔයාට මේ Course එකට ඔයා වියදම් කරපු මුදල එක Project එකකින් හොයන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතිව. ❤️

සාමාන්‍යයෙන් Architectural Visualization Projects වලදි අපේ Portfolio එක හොඳයි නම්, අපේ Rendering Quality එක හොඳයි නම්, ඔයාට සෑහෙන ලොකු Price එකක් ගන්න පුළුවන් එක Project එකකට. Fiverr වගේ Freelance Platforms වලත් සෑහෙන ලොකු Prices වලට Architectural Visualization Projects විකුණන්න පුළුවන්.

පහලින් මම ඒවට උදාහරණ ටිකක් දාන්නම්. ❤️

මේ Fiverr Freelance Platform එකේ Architectural Visualizations විකිනෙන Prices. 😍 මේ Prices 300/-න් විතර ගුණ කරලා බලන්න රුපියල් කොච්චරක්ද කියලා. ??

තවත් මේ ගැන බලා ගන්න ඕනෙ නම් Fiverr.com Website එකට ගිහින් Architectural Visualization කියලා search කරලා බලන්න. 😁  ඒක නිසා මම හිතනවා මම මෙතන සඳහන් කරලා තියෙන Course Fee සාධාරණයි කියලා. ❤️

මෙතනදී මම සඳහන් කරන්නෙ මේ මාස 04ට අදාලව සම්පූර්ණ Course Fee එක. මේ සඳහන් කරලා තියෙන මිල ගණන් වලට වඩා වැඩිපුර කිසිම අතරමැදි මුදලක් ගෙවන්න වෙන්නෙ නෑ ඔයාලට.

ඒ වගේමයි මේ සම්පූර්ණ මුදලම එක සැරේ ගෙවන්න, මාසිකව හෝ අර්ධ මාසිකව ගෙවන්නත් පුළුවන් ඔයාට පහසු විදිහට. ගෙවීම් ක්‍රමය වෙනස් වුනාට Course එකේ අන්තර්ගතයේ වෙනසක් වෙන්නෙ නැහැ කිසිම කෙනෙක්ට. ❤️

SketchUp හා සම්බන්ධ Course Packages වල විස්තර මෙතනින් බලා ගන්න පුළුවන්.

3DS Max හා සම්බන්ධ Course Packages වල විස්තර මෙතනින් බලා ගන්න පුළුවන්.

ඔයාට Architectural Designing සහ 3D Visualization වලට අදාල හැම  Software එකක්ම වගේ ඉගෙන ගෙන ArchViz Vizzard කෙනෙක් වෙන්න ඕනෙ නම් මේ Software Packageඑක ඔයාට 100%ක් ගැලපෙනවා...!!!

මේ Price Packages හරියට කියවලා, ඔයාට ඕනෙ කරන නිවැරදිම Software Pacakge එක තෝරගන්න. ඊට පස්සෙ ඒ Package එකේ පහලින් තියෙන "Software Package Code" කියන Code එක නිවැරදිව ඊළඟට පහලින් Course එක සඳහා Register වෙන්න තියෙන registration form එකේදි තෝරන්න. 

Required Computer Specs and Other Details

ඉතින් මේ Software ගැන වගේම, මේ Course එකට අදාල Software වැඩ කරන්න අවශ්‍ය Computer එකක තියෙන්න ඕනෙ අවශ්‍යතා ගැනත් ටිකක් කතා කරන්න ඕනෙ.

Sketchup Software එක නම් සාමාන්‍ය RAM, CPU, GPU එකක් තියෙන ඕනෙම Windows, Mac OS එක run වෙන Computer/Laptop එකක වැඩ කරන්න පුළුවන්. ඒක නිසා SketchUp ගැන නම් කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

ඒත් අනිත් හැම software එකකටම වගේ විශේෂ අවශ්‍යතා (PC Requirements) තියෙන Computer/Laptop එකක් අවශ්‍ය වෙනවා. ඒක නිසා කලින් මම කිවුවා වගේම ඔයා මේ ක්ෂේත්‍රයට ආධුනික කෙනෙක් හෝ ඔයා ඉගෙන ගන්න ඕනෙ Software මොනවද, ඔයාගෙ Computer එකේ Run කරන්න පුළුවන් Software මොනවද කියන දේ ගැන පැහැදිලි හෝ කිසිම අදහසක් නැති කෙනෙක් නම් මේ දැන්ම 077 1500 542 Number එකට මට කෝල් එකක් දෙන්න. මම හරියටම පැහැදිලි කරන්නම් ඔයාට දැන ගන්න ඕනෙ හැම දෙයක්ම.

එහෙනම් මේ හැම විස්තරයක්ම හරියට කියවලා, ඔයා Course එකේදි කරන්න බලාපොරොත්තු වෙන Software Combination එක හරියටම තීරණය කරන්න. ඒ සඳහා පැහැදිලි කිරීමක් හෝ මොකක්ම හරි උදවුවක් අවශ්‍ය ඕනෙම වෙලාවක 077 1500 542 Number එකට Message එකක් හෝ Phone Call එකක් දෙන්න.

ඊට පස්සෙ අදාල Course Fee එක Full/Monthly/Half-Monthly මේ ඕනෙම විදිහකට ගෙවලා Course එකට Register වෙන්න මේ පහල Button එකෙන් ගිහින් Form එක Fill කරලා. Payments කරන්න ඕනෙ කරන Account Details ඔක්කොමත් මේ Link එකේ තියෙනවා. ❤️

Form එක හරියටම කියවලා, නිවැරදි තොරතුරු එක්ක, පැහැදිලිව සම්පූර්ණ කරන්න. මොනවාහරි දෙයක් ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනෙම වෙලාවක 077 1500 542 Number එකට Message එකක් හෝ Phone Call එකක් දෙන්න. මම ඔයාට උදවු කරන්නම්.❤️

My WhatsApp Number:- 077 1500 542

එහෙනම් හැමෝටම ජය...!!! ❤️


මම, චාරක ශාමින්ද.