MASTER FIVERR. 2.0 : Unlock the Freelancer in You
Welcome To You All...!!!
ඔයා Fiverr ගැන හොයන කෙනෙක් නම්, එහෙමත් නැත්නම් Fiverr හරහා Freelancer කෙනෙක් විදිහට ඔයා දක්ෂ සේවාවක් sell කරලා income එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, මම හිතන්නේ ඔයා මේ ඇවිත් ඉන්නෙ හොඳම තැනට.
ඉතින් මේ webpage එකේ තියන සම්පූර්ණ විස්තරය අවධානයෙන් කියවලා මේ පාඨමාලාව සඳහා ලියාපදිංචි වෙන්න කියලා ම්ම ආරාධනා කරනවා.❤️
මුලින්ම Thank you කියනවා මගේ මේ පාඨමාලාව ගැන උනන්දු වෙලා, මේ website එකට ආපු හැමෝටම. මීට කලින් මම Online Live Sessions විදිහට මාස දෙකක කාලයක් ගත්ත පාඨමාලා දෙකක් සාර්ථකව අවසාන කරා Master Fiverr Course එකේ. මගේ පෞද්ගලික වැඩ එක්ක මට තවදුරටත් Live Sessions විදිහට මේ Course එක කරන්න වෙලාවක් හොයා ගන්න අමාරු නිසා සහ, ගොඩක් අයගෙන් Recorded Videos විදිහට පාඨමාලාවක් දෙන්න කියලා ආපු ඉල්ලීම් එක්ක තමයි මේ විදිහට Master Fiverr 2.0 විදිහට Full Course එකක් නිර්මාණය කරන්න හිතුවෙ.
මේ වගේ පාඨමාලාවක් නිර්මාණය කරන්න ඕනෙ කියලා මට හිතුනේ Fiverr ගැන සාකච්ඡා කරන්න ඕනෙ සියළුම නිවැරදි තාක්ෂණික සහ ප්‍රායෝගික කරුණු සවිස්තරාත්මකව, නිවැරදිව, පිලිවෙලට, Fiverr ගැන ඉගෙන ගන්න සහ ඒ හරහා ආදායමක් ලබා ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට එකම තැනකින් ලබා ගන්න පහසුකමක් නැති ප්‍රශ්නය නිසා.
අවිධිමත් විදිහට, තැනින් තැන Fiverr ගැන ගොඩක් අය විවිධ තැන් වල විවිධ දේවල් කතා කරලා තියෙනවා ඔයාලා Fiverr ගැන හොයන කෙනෙක් නම් මේ වෙද්දිත් දැකලා ඇති. ඒ කිසිම කෙනෙක්ට කිසිම අගෞරවයක් කරන්න මගේ බලාපොරොත්තුවක් නෑ වගේම, ඒ හැමෝම මොකක් හරි පරමාර්ථයකින් ඒ කතා කරලා තියෙන දේවල් වලට පෞද්ගලිකව මම ගෞරව කරනවා.
නමුත් මේ පාඨමාලාව හැදෑරීමේදී ඔයාට පුළුවන් සිය ගාණක් YouTube Videos තැනින් තැන, අපිලිවෙලට බලන්නෙ නැතුව, Facebook groups, pages වල ප්‍රශ්න වලට උත්තර හොය හොය කාලය නාස්ති කර ගන්නෙ නැතුව, Fiverr ගැන මුල ඉඳන් පිළිවෙලට, පැහැදිලිව, සවිස්තරාත්මකරව සියළු දේ ඉගෙන ගන්නත්, ප්‍රශ්නයක් එන ඕනෙම වෙලාවක ඒ පිලිබඳව සාකච්ඡා කරලා ඒ ප්‍රශ්න නිවැරදි කර ගන්නත්. ❤️
ඉතින් මුලින්ම මම කියලා ඉන්නම් Fiverr ගැන මේ වගේ පාඨමාලාවක් කරන්න මොනවද මට තියන සුදුසුකම් කියලා.
මම Fiverr පටන් ගන්නේ 2015 අවුරුද්දෙ අවසානෙදි. A/L කරලා කැම්පස් යන්න කාලෙ එනකන් ගෙදරට වෙලා ඉද්දි 2015 අවුරුද්දෙ මම මුලින්ම Fiverr platform එක try කරනවා. ඉතින් මම පොඩි research එකක් එහෙම කරලා, Fiverr Account එකක් හදාගෙන, මගේ මුල්ම Fiverr Gig එක දානවා ඩොලර් 05කට...
2015 කියන්නෙ දැන් වගේ Fiverr එක ඇතුලේ ලොකු sellers ලා ප්‍රමාණයක් හිටපු, ලොකු තරඟකාරීත්වයක් තිබුන කාලයක් නෙවෙයි. ඒ නිසා මට දවස් තුනකින් වගේ පලවෙනි $5 order එක එනවා. ❤️
2020 දි මට පලවෙනි වතාවට Fiverr Platform එකේ Seller කෙනෙක්ට ගන්න පුළුවන් සාර්ථකත්වයේ උපරිමය විදිහට සලකන්න පුළුවන් Top Rated Seller අවස්ථාව ලබා ගන්නවා.
එතනින් පස්සෙ 2024 අවුරුද්දේ මේ දක්වාම අවුරුදු 09කට වැඩි කාලයක් තිස්සේ මගේ ප්‍රධාන ආදායම් මාර්ගය විදිහට Top Rated Seller Accounts දෙකක් සහ Level 02 Account එකක් එක්ක සාර්ථක ව්‍යාපාරයක් Fiverr හරහා ගොඩනඟා ගන්න මට හැකියාව ලැබිලා තියෙනවා. එදා ඉඳන් මට මගේ ජීවිතේ passion එක හොයලා දුන්නා විතරක් නෙවෙයි, මේ වෙනකන් තාමත් මට මාසෙට වැඩිම income එකක් ගෙනැත් දෙන්නෙ Fiverr එකෙන්. 🥰
මේ හැම achievement එකක්ම සම්පූර්ණ කරපු දවස් වලදි, ඒ ගැන සම්පූර්ණ update එකක් මම මගේ Facebook profile එකේ share කරලා තියනවා කාට හරි මේ දේවල් තහවුරු කර ගන්න ඕනෙ නම්.
පොඩි උදාහරණයකට මම මගේ Top Rated Account එකේ Requirements සම්පූර්ණ කරපු දවස Facebook post එකක් විදිහට දාපු Screenshot එකක් පහලින් දාන්නම්. ❤️
මෙන්න මේ විදිහට මම අවුරුදු 09ක විතර කාලයක් තිස්සේ එකතු කර ගත්ත සියළුම අත්දැකීම් එක්ක, කොහොමද Fiverr එක ඇතුලේ ගේමක් ගහලා සාර්ථක Freelancer කෙනෙක් වෙන්නෙ කියන දේ තමයි මම මේ Master Fiverr Online Course එකෙන් ඔයාලට කියලා දෙන්න සූදානම් වෙන්නෙ. ❤️
පහලින් ඔයාලට Master Fiverr 2.0 Course එකේ පලවෙනි Module එකේ Sessions 03 සම්පූර්ණයෙන්ම නොමිලේ බලන්න පුළුවන් Course එක ගැන පැහැදිලි අදහසක් ගන්න.
මුලින්ම මම කියන්නම් කොහොමද මම මේ Online Course එක ප්ලෑන් කරලා තියෙන්නෙ කියලා.
Module 1: Introduction to Fiverr
Lesson 1: Understanding the World of Freelancing
Lesson 2: Introduction to Fiverr: How It Works and Why It's Beneficial
Lesson 3: The Fiverr Community: Buyers, Sellers, and Support
Module 2: Getting Started on Fiverr
Lesson 4: Setting Up Your Account and Profile
Lesson 5: Navigating the Fiverr Interface
Lesson 6: Understanding Fiverr's Levels System
Module 3: Finding Your Freelance Niche
Lesson 7: Identifying Your Skills and Interests
Lesson 8: Researching Popular Niches and Trends on Fiverr
Lesson 9: Understanding the Competition and Pricing Your Services
Module 4: Creating Your First Gig
Lesson 10: Anatomy of a Successful Gig and Creating the Best Gig Title
Lesson 11: Finding the best keywords & Creating a Compelling Gig Description
Lesson 12: Using Photos and Videos to Enhance Your Gig
BONUS MODULE
How to Use AI Tools for the Success on the Fiverr Platform
Module 5: Selling Skills and Strategies
Lesson 13: How to Write a Persuasive Proposal
Lesson 14: Dealing with Client Inquiries and Requests
Lesson 15: Upselling and Cross-selling Your Services
Module 6: Managing Your Freelance Business
Lesson 16: Effective Communication with Clients
Lesson 17: Dealing with Difficult Clients and Dispute Resolution
Lesson 18: Time Management and Work-Life Balance in Freelancing
Module 7: Advanced Fiverr Features
Lesson 19: Using Fiverr Pro and Other Fiverr Platforms
Lesson 20: Understanding Fiverr's Analytics and Improving Your Performance
Lesson 21: Using Fiverr's Affiliate Program to Increase Earnings
Module 8: Boosting Your Success on Fiverr
Lesson 22: Getting Your First Clients and Reviews
Lesson 23: Implementing a Marketing Strategy for Your Fiverr Business
Lesson 24: Exploring Growth Opportunities and Scaling Your Business
Module 9: Case Studies and Success Stories
Lesson 25: Who is a Successful Fiverr Seller
Lesson 26: Review of a Successful Gig and Profile
Lesson 27: Strategies That Worked and Those That Didn't
Module 10: Conclusion and Next Steps
Lesson 28: Review and Reflection on What You've Learned
Lesson 29: Crafting Your Action Plan
Lesson 30: Q&A Session, Feedback, and Course Wrap-up
මේ සම්පූර්ණ Lessons ඔක්කොම මම මේ Course එක ඇතුලෙ සවිස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාට මේ කිසිම දෙයක් ගැන මේ වෙද්දි කිසිම අවබෝධයක් නැත්නම් ඒත් කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද මේ හැම දෙයක්ම මම මේ Course එක ඇතුලෙ සවිස්තරාත්මකව පැහැදිලි කරලා තියෙනවා.
ඒ වගේමයි මේ හැම දෙයක්ම කතා කරන්නේ පොදුවේ හැම Seller Category එකකටම ගැලපෙන විදිහට. ඒ නිසා ඔයා මොන category එකක වැඩ කරන හෝ, කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වුනත් කිසිම ප්‍රශ්නයක් නෑ. ❤️
Course Arrangement
මේ පාඨමාලාව මේ සැරේදි සම්පූර්ණයෙන්ම මම නිර්මාණය කරලා තියෙන්නෙ පටිගත කරන ලද වීඩියෝ පාඨමාලාවක් විදිහට. ඒ කියන්නෙ මේ පාඨමාලාව මේ මොහොතේදී ඔයා මිලදී ගත්තොත්, පැය 24ක් ඇතුලත ඔයාට මම ඉහත සඳහන් කරපු සමස්ථ අන්තර්ගතය සමඟ සම්පූර්ණ පාඨමාලාව ලබා ගන්න පුළුවන්.
මේ පාඨමාලාව අදියර දෙකකින් තමයි මම නිර්මාණය කරලා තියෙන්නෙ.
මුල්ම අදියරේදි මම Fiverr පිලිබඳ මූලික හැඳින්වීමකින් ආරම්භ කරලා, පලවෙනි Fiverr Gig එක සාර්ථකව Publish කර ගන්න අවශ්‍ය කරන හැම කරුණක්ම නිවැරදිව, සවිස්තරාත්මකව මම පැහැදිලි කරලා දීලා තියෙනවා.
දෙවෙනි අදියරේදි මම පැහැදිලි කරනවා පලවෙනි අදියරේදි කතා කරපු විදිහට සාර්ථකව Gig එක publish කරාට පස්සෙ Orders එද්දි කොහොමද හරියටම ඒ Orders එක්ක ගණුදෙනු කරන්නේ සහ Seller කෙනෙක් විදිහට දැන ගන්න ඕනෙ කරන හැම දෙයක්ම.
ඒ විදිහට තමයි මේ පාඨමාලාවේ අදියර දෙක මම සැලසුම් කරලා තියෙන්නෙ.❤️
මේ පාඨමාලාව හදාරද්දි ඔයාලට එන හැම ප්‍රශ්නයක්ම සාකච්ඡා කරන්න මම වෙනමම WhatsApp Group එකක් හදලා තියෙනවා. ඔයාට ඕනෙම වෙලාවක එන ප්‍රශ්නයක් ඒ WhatsApp Group එක හරහා හෝ පෞද්ගලිකව මාව සම්බන්ධ කරගෙන සාකච්ඡා කරන්න පුළුවන්.
ඒ වගේම Zoom/Discord හරහා ඔයාලට තියෙන ප්‍රශ්න සජීවීව මගෙත් එක්ක සාකච්ඡා කරන්නත්, පෞද්ගලිකවම ඔයාලගේ Fiverr Profiles, Fiverr Gigs මගේ අධීක්ෂණයෙන් වැරදි, අඩුපාඩු නිවැරදි කර ගන්න මම වෙනමම VIP Group එකකුත් නිර්මාණය කරලා තියෙනවා. ඒ VIP Membership එක ගැන විස්තර දැන ගන්න පුලුවන් පහල තියෙන ගෙවීම් සම්බන්ධ කොටසින්.
මුලිම ලියාපදිංචි වෙන 10 දෙනාට මම නොමිලේ මේ VIP Membership එක දෙන්නත් තීරණය කරලා තියෙනවා. ඒක නිසා ඉක්මන් කරන්න. 😁
Expectations and Targets of the Course
මේ Course එකේ මගේ ප්‍රධාන ඉලක්කය තමයි මේ වෙද්දි Freelancer කෙනෙක් විදිහට වැඩ කරන හෝ, කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඕනෙම කෙනෙක්ට Fiverr Platform එක ඇතුලෙ හැංගුන හැම දෙයක්ම වගේම, මගේ අත්දැකීම් වලින් මම තනියෙන්ම ඉගෙන ගත්ත හැම දෙයක්ම share කරගෙන, සාර්ථක freelance career එකකට ආරම්භයක් අරන් දෙන එක. ❤️
මෙතනදි ඔයා කොච්චර මහන්සියකින්, කොච්චර කැපවීමකින් ඔයා තෝර ගත්ත category එකේ වැඩ්ඩෙක් වෙන්න මහන්සි වෙනවද කියන දේ ප්‍රධානම කාරණයක් වෙනවා ඔයාට සාර්ථක Fiverr career එකක් හදා ගන්න ඕනෙ නම්.
මොකද මට කරන්න පුළුවන් උපරිමය තමයි ඔයාට Fiverr Platform එක ගැන සහ ඒ සම්බන්ධ තාක්ෂණික කරුණු සම්පූර්ණයෙන්ම කියලා දෙන එක. එතනින් පස්සේ ඔයාගේ service එක ඔයා buyers ලට විකුණද්දි ඔයාගේ දක්ෂතාවය මත තමයි orders වල සාර්ථකත්වය තීරණය වෙන්නෙ. ❤️
❗මේ වගේ Course එකක් මිලදී ගන්නෙ ඇයි කියලා ප්‍රශ්නෙකුත් එන්න පුළුවන් නිසා ඒකට උත්තරයක් මේ post එකේම මම දෙන්නම්.
Fiverr ගැන කිසිම මූලික දැනුමක් නැතුව, ඒත් Fiverr Platform එකේ තමන් දක්ෂ මොකක්ම හෝ සේවාවක් sell කරලා ආදායමක් නිර්මාණය කර ගන්න බලාපොරොත්තු වෙන ගොඩක් අය මේ වෙද්දිත් ඉන්නවා.
ඉතින් ඒ අයට Fiverr ගැන පිලිවෙලට, පැහැදිලිව, අවශ්‍ය කරන සියළුම වැදගත් තාක්ෂණික සහ ප්‍රායෝගික කරුණු හැම දෙයක්ම ඉගෙන ගන්න වගේම, ඕනෙම වෙලාවකදි ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න සාකච්ඡා කරන්නත් එකම එක තැනක් නිර්මාණය කරන්නයි මට ඕනෙ වුනේ. ❤️
❗ඇයි නොමිලේ මේ දේවල් දෙන්න බැරි...?
- මුල්ම කාරණය මෙතනදී මම සාකච්ඡා කරන්නේ දක්ෂතාවය එක්ක අතිශය විශාල ආදායමක් නිර්මාණය කර ගන්න පුළුවන් දෙයක් ගැන.
- අනිත් කාරණය තමයි මේ Course එකේදි මම videos 30කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙනවා.
- මේ සමස්ථ videos ප්‍රමාණය නිර්මාණය සඳහා අවශ්‍ය කරුණු සැලසුම් කරන්න, ඒවා පිලිවෙලට ගොණු කරන්න, Record කරන්න වගේ සමස්ථ ක්‍රියාවලියට මට මාසයකට කිට්ටු සම්පූර්ණ කාලයක් ගත වෙලා තියෙනවා.
- ඒ කාලය මම හොයා ගත්තේ මගේ වෘත්තීයමය කාලසීමාවේදී, ඒ වෙනුවෙන් යොදවන්න තියෙන කාලය පාවිච්චි කරලා.
- ඉතින් ඒ පාවිච්චි කරපු කාලය වෙනුවෙන් මම යම් කිසි මිලක් කැප කරලා තියෙනවා.
- ඒ කැපකරපු මිල සම්පූර්ණයෙන්ම ලබා ගන්න බැරි වුනත්, මේ Course එක මිලදී ගන්න අයට අතිශය සාධාරණ විදිහට යම්කිසි මුදලක් මම ලබා ගන්න තීරණය කරලා තියෙනවා. 😊❤️
Course Fee and Other Details
Master Fiverr Online Course එකේ අයකිරීම් ගැනත් පැහැදිලි කරන්නම් මම.
- සාමාන්‍ය සාමාජිකත්වය යටතේ (Regular Membership) සම්පූර්ණ Course එකේ අයකිරීම රුපියල් 5,000ක් වෙනවා. මේ මුදල ගෙවලා පාඨමාලාව සඳහා ලියාපදිංචි වෙද්දි ඔයාට සම්පූර්ණ පාඨමාලාව සහ Official WhatsApp Group එකේ සාමාජිකත්වය ලැබෙනවා.
- මම කලින් කියපු විශේෂ සාමාජිකත්වය (VIP Membership) සමඟ සම්පූර්ණ Course එකේ අයකිරීම රු.10,000/-ක් වෙනවා. මේ සාමාජිකත්වය ලබා ගැනීමේදී ඔයාට VIP Group එකේ සාමාජිකත්වය ලැබෙනවා වගේම VIP Group එකේදි ඔයාට පුළුවන් Zoom/Discord හරහා ඔයාලට තියෙන ප්‍රශ්න සජීවීව මගෙත් එක්ක සාකච්ඡා කරන්නත්, පෞද්ගලිකවම ඔයාලගේ Fiverr Profiles, Fiverr Gigs මගේ අධීක්ෂණයෙන් වැරදි, අඩුපාඩු නිවැරදි කර ගන්නත්.
- සාමාන්‍ය හෝ විශේෂ සාමාජිකත්වයේදී පාඨමාලාවේ අන්තර්ගත කරුණු වල කිසිම විශේෂ වෙනසක් නැහැ. වෙනස් වෙන්නේ VIP Group එකේදි ලැබෙන අමතර පහසුකම් විතරයි.
- පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට ගෙවීම් කරන විදිහ සහ ගෙවීම් කලයුතු account details පහලින් තියන registration form එකේ තියනවා.
එහෙනම් මම හිතනවා ඕනෙ කරන විස්තර ඔක්කොම වගේ මම පැහැදිලි කරා කියලා. තව දැන ගන්න ඕනෙ කරන ඕනෙම දෙයක්, ප්‍රශ්නයක් තියනවා නම් මේ පහල Whatsapp Number එකට Message එකක් දාන්න. Calls නොගෙන Messages විදිහට ප්‍රශ්න එවුවොත් ඉක්මනින් reply කරන්න පුළුවන් මට. ❤️
ඔයාට එහෙනම් දැන් මගේ Master Fiverr Online Course එකට register වෙන්න පුළුවන් මේ පහල link එකෙන් ගිහින් Registration Form එක Fill කරලා. ❤️
Form එක හරියටම කියවලා, නිවැරදි තොරතුරු එක්ක, පැහැදිලිව සම්පූර්ණ කරන්න. මොනවාහරි දෙයක් ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් පහල Whatsapp Number එකෙන් මට Message එකක් දාන්න. මම ඔයාව Contact කර ගන්නම්. ❤️
My WhatsApp Number:- 077 1500 542
එහෙනම් Course එකේදි හම්බෙමු. හැමෝටම ජය...! ❤️
මම, චාරක ශාමින්ද.