archviz online masterclass - Group 03 registration

Welcome To You All...!!! 

ඉතින් එහෙනම් කතාව මේකයි. ඔයා Architecture හෝ ඊට සම්බන්ධ ක්ෂේත්‍රයක් ගැන,

- දැනට ඉගෙන ගන්නවා නම්,

- ඉදිරියේදී ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්,

- ඒ හා සම්බන්ධ ක්ෂේත්‍රයක රැකියාවක් කරන හෝ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්,

- Freelancer කෙනෙක් විදිහට මේ ක්ෂේත්‍රයේ වැඩ කරනවා නම් හෝ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා නම්,

මම හිතන්නේ මේ masterclass එක ගොඩක් වැදගත් වේවි. ඒක නිසා post එක ටිකක් දිග වුනත් කමක් නෑ කියවන්න කියලා මම ආරාධනා කරනවා. ❤️

ඔයා Architect කෙනෙක්, Architecture Student කෙනෙක්, Engineer කෙනෙක්, freelance 3D Artist කෙනෙක්, Draftsman කෙනෙක්, interior designer, landscape designer කෙනෙක් හෝ කලින් මම කියපු ඕනෑම ක්ෂේත්‍රයකට අදාල නම්, ඔයාට ඔයා නිර්මාණය කරන Architectural Projects වෙනදට වඩා ගොඩක් ආකර්ශණීයව, වෘත්තිමය මට්ටමින් ඉදිරිපත් කරන්න අවශ්‍යතාවය තියෙන කෙනෙක් නම් මේ Masterclass එක ඔයාලට වැදගත් වේවි කියලා මම හිතනවා. ❤️

මේ Masterclass එක host කරන මම Freelance Architectural Designer කෙනෙක්. architectural 3D Visualizer කෙනෙක්. Fiverr Platform එකේ Top-Rated Seller කෙනෙක්. ඉතින් මගේ projects කිහිපයක් මගේ Behance profile එකට මේ පහල link එකෙන් ගිහින් බලන්න පුළුවන්. ❤️ 

Behance Link 👉  https://www.behance.net/shamiya3d 

Portfolio Website 👉 www.shamiya3d.com

මම මේ Architectural Visualization Masterclass එක පටන් ගත්තේ  2022 අවුරුද්දේ දෙසැම්බර් මාසෙදි. මගේ social media profiles වලට ආපු comments එක්ක මම තීරණය කරනවා මම අවුරුදු 07ක් විතර තිස්සේ Architectural designing සහ visualization ගැන තනියෙන්ම එකතු කර ගත්ත දැනුම Online Masterclass එකක් තුලින්, මේ ක්ෂේත්‍රය ගැන කිසිම දැනුමක්, අත්දැකීමක් නැති කෙනෙකුට පවා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න හැමෝම එක්ක share කර ගන්න. 😊

 ඉතින් ඒ විදිහට පටන් ගත්ත Online Masterclass එක මේ වෙද්දි Students ලා 75කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වුන Groups දෙකක් එක්ක ඉස්සරහට යනවා. ඉතින් මේ පහල තියෙන්නේ ඒ batch එකේ Students ලා කරපු අළුත්ම Visualizations ටිකක්. ❤️

ඉතින් මේ Masterclass එකේදි මම Sketchup, Lumion සහ D5 render කියන Software තුනම උගන්නනවා. ඒ වගේමයි Software විතරක්ම උගන්නන්නෙ නැතිව Architectural Visualizations වල මූලික කරුණු වගේ සිද්ධාන්ත හැම දෙයක්මත් මම මේ Masterclass එකේදි උගන්නන්න බලාපොරොත්තු වෙනවා. මේ Masterclass එකේදි මගේ ඉලක්කය තමයි Join වෙන ඕනෙම කෙනෙකුට නිකන්ම නිකන් Renderings හදන්න කියලා දෙනවා වෙනුවට සෑහෙන හොඳ Photorealistic quality එකකින්, නිර්මාණශීලී, හොඳම Architectural Visualizations නිර්මාණය කරන්න උගන්නන එක. ඒ ඉලක්කයට මගේ පලවෙනි සහ දෙවෙනි Groups වල Students ලගෙන්ම මේ වෙද්දිත් ලඟා වෙන්න හැකි වීම සෑහෙන ලොකු සතුටක්.❤️

මාස 04ක්, හැම සතියකම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දවස් තුනේදි, දවසට පැය 02ක Live Sessions විදිහට,

- D5 Render (සිකුරාදා)

- SketchUp (සෙනසුරාදා)

- Lumion (ඉරිදා)

සහ Post Processing වලට අදාල Adobe Photoshop සහ Adobe Premiere Pro කොටස් ටික උගන්නන්න තමයි මම මේ වෙද්දි සැලසුම් කරලා තියෙන්නෙ. 


විශේෂයෙන් සඳහන් කරන්න ඕන D5 Render සහ Lumion Software දෙක ගැන කතා කරද්දි, Lumion Software එක Exterior Visualizations වලට හොඳ වුනාට Interior visualizations වලට ඒ තරම්ම හොඳ Software එකක් නෙවෙයි.

D5 Render Software එක ඊට සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. D5 Render එකෙන් ගොඩක් සුපිරි interior Visualizations හදා ගන්න පුළුවන්. ඒත් Exterior Visualizations වලට Lumion තරම් හොඳ නැහැ.

ඉතින් ඒක නිසා පෞද්ගලිකව මම මගේ projects වලදි Exterior Visualizations වලට Lumion Software එකත්, interior Visualizations වලට D5 Render එකත් පාවිච්චි කරනවා.

ඒකයි Software දෙකම උගන්නන්න තීරණය කලේ මම. ඉතින් ඔයාගෙ Computer එකේ D5 Render සහ Lumion Software දෙකම Run කරන්න පුළුවන් නම් මම මගේ අත්දැකීමෙන් නිර්දේශ කරනවා Sketchup, Lumion සහ D5 Render Software තුනම ඉගෙන ගන්න කියලා. ❤️

What Will You Get From Specially From This Course

මේ අළුතෙන්ම පටන් ගන්න 03 වෙනි Group එකේ ඉඳලා මම විශේෂ දේවල් කිහිපයක් Course එකට Join වෙන අයට ලබා දෙන්න තීරණය කරලා තියනවා.

01. Printed Notebooks

පලවෙනි දේ තමයි Printed Notebooks. හැම software එකකටම වෙන වෙනම, මාසයකට එක notebook එකක් විදිහට හැම මාසයකම Notebooks තුනක් ලැබෙනවා.

මේ notebooks ඇතුලෙ ඒ මාසයට අදාල Course Content එක සහ Special Notes, Shortcuts වගේ දේවල් අන්තර්ගත වෙලා තියනවා. ඒ වගේම High Quality Colour Printed විදිහට තමයි මේ notebook එක ඔයාලගේ අතට ලැබෙන්නෙ. 

Full Payments සහ Monthly Payments විදිහට register වෙන හැමෝටම මාසය මුලදීත්, Half-Monthly Payments වලින් Register වෙන අයට හැම මාසයකම දෙවෙනි payment එක සම්පූර්ණ කරාට පස්සෙත් මේ notebook එක තැපැල් මාර්ගයෙන් ගෙදරටම එවනවා මම. 

02. Shared PC for Practicing

ඊළඟ දේ තමයි මේ Course එකට සමහර අයට join වෙන්න නොහැකි වෙන සහ, join වෙන සමහර අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන් ලඟ තියෙන Computer එක හෝ Laptop එක Lumion හෝ D5 Render software දෙක වැඩ කර ගන්න තරම් Powerful නැති වීම.

ඉතින් ඒක නිසා මම තීරණය කරා මේ Course එකට Join වෙන අයගෙන් තමන්ගේ Computer එකේ Run කරන්න බැරි Software සෙට් එක Practice කරන්න මගේ Computer එකක් TeamViewer පාවිච්චි කරලා Online Share කර ගන්න. 

මේ දේ සිද්ධ වෙන විදිහ ගැන සම්පූර්ණ විස්තරයක් මම වෙනමම කියන්නම් Course එක පටන් ගත්තට පස්සෙ. ❤️

Course Fee and Other Details

ඉතින් වැදගත්ම දේ තමයි දැන් කතා කරන්න යන්නෙ. Course Fee එක. ඉතින් අවුරුදු 07ක මගේ මහන්සිය මම ඔයාලත් එක්ක මේ share කර ගන්න ලෑස්ති වෙන්නෙ. ඒ වගේමයි මම මේ Masterclass එකට ආයෝජනය කරන මගේ මහන්සිය වගේම රටේ දැන් තියෙන තත්වය එක්ක මට දරන්න වෙන අමතර වියදම් හැම එකක්ම සලකා බලලා මට මේ masterclass එක කරන්න පුළුවන් අවම Fee එක තමයි මම මෙතනදී  මේ සඳහන් කරන්නෙ. මොකද රටේ හැමෝම මේ ගෙවන්නෙ අමාරු කාලයක් නිසා.

ඒ වගේමයි ඔයා හරියට මේ Course එක සම්පූර්ණ කරලා, හොඳ Quality එකකින්, Photorealistic Renderings ටිකක් එක්ක සුපිරි Projects ටිකක් කරලා, ඔයාගෙ Portfolio එක ලස්සනට හදා ගත්තොත් ඔයාට මේ Course එකට ඔයා වියදම් කරපු මුදල එක Project එකකින් හොයන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතිව. ❤️

සාමාන්‍යයෙන් Architectural Visualization Projects වලදි අපේ Portfolio එක හොඳයි නම්, අපේ Rendering Quality එක හොඳයි නම්, ඔයාට සෑහෙන ලොකු Price එකක් ගන්න පුළුවන් එක Project එකකට. Fiverr වගේ Freelance Platforms වලත් සෑහෙන ලොකු Prices වලට Architectural Visualization Projects විකුණන්න පුළුවන්.

පහලින් මම ඒවට උදාහරණ ටිකක් දාන්නම්. ❤️

මේ Fiverr Freelance Platform එකේ Architectural Visualizations විකිනෙන Prices. 😍 මේ Prices 310න් විතර ගුණ කරලා බලන්න රුපියල් කොච්චරක්ද කියලා. ??

තවත් මේ ගැන බලා ගන්න ඕනෙ නම් Fiverr.com Website එකට ගිහින් Architectural Visualization කියලා search කරලා බලන්න. 😁  ඒක නිසා මම හිතනවා මම මෙතන සඳහන් කරලා තියෙන Course Fee සාධාරණයි කියලා. ❤️

මෙතනදී මම සඳහන් කරන්නෙ මේ මාස 04ට අදාලව සම්පූර්ණ Course Fee එක. මේ සඳහන් කරලා තියෙන මිල ගණන් වලට වඩා වැඩිපුර කිසිම අතරමැදි මුදලක් ගෙවන්න වෙන්නෙ නෑ ඔයාලට. ඒ වගේම students ලට විශේෂ Student Version එකක් එක්ක Discount එකකුත් තියෙනවා. Student Version Package එකේ Prices, Details ගැන සහ වැඩිදුර විස්තර දැන ගන්න, මේ Page එකේ පහලින්ම තියන "ArchViz Online - Students Version Registration Form" Button එක Click කරලා බලන්න.❤️

ඒ වගේමයි මේ සම්පූර්ණ මුදලම එක සැරේ ගෙවන්න, මාසිකව හෝ අර්ධ මාසිකව ගෙවන්නත් පුළුවන් ඔයාට පහසු විදිහට. ගෙවීම් ක්‍රමය වෙනස් වුනාට Course එකේ අන්තර්ගතයේ වෙනසක් වෙන්නෙ නැහැ කිසිම කෙනෙක්ට. ❤️


- SketchUp + Lumion (with Adobe Photoshop) හෝ SketchUp + D5 Render (with Adobe Photoshop)


- Sketchup + Lumion + D5 Render (with Adobe Photoshop)


- Lumion + D5 Render (with Adobe Photoshop)


- SketchUp Only


- Lumion Only (With Photoshop) 


- D5 Render Only (With Photoshop)

Required Computer Specs and Other Details

ඉතින් මේ Software ගැන වගේම, මේ Course එකට අදාල Software වැඩ කරන්න අවශ්‍ය Computer එකක තියෙන්න ඕනෙ අවශ්‍යතා ගැනත් ටිකක් කතා කරන්න ඕනෙ.

Sketchup Software එක නම් ඕනෙම Computer/Laptop එකක වැඩ කරන්න පුළුවන්. ඒක නිසා Sketchup ගැන නම් කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

Lumion Software එකට නම් ටිකක් වැඩි අවශ්‍යතා තියෙන Computer/Laptop එකක් ඕනෙ. අඩුම තරමෙ intel Core i3 Processor එකක් එක්ක, 8GB වත් RAM එකක් තියෙන, intel UHD graphics Card එකක්වත් තියෙන Computer/Laptop එකක් වත් තියෙන්න ඕනෙ. සමහරවිට මීට වඩා අඩු පහසුකම් යටතේ වුනත් Lumion Software එක වැඩ කරන්න ඉඩ තියෙනවා. 

ඒක නිසා Lumion Software එක වැඩ කරනවද කියලා ඔයාටම Test කර ගන්න පුළුවන් මේ විදිහට. මේ පහල link එකෙන් ගිහින් Lumion 8.5 Torrent File එක download කර ගන්න. 

ඊට පස්සෙ මේ උඩ Button එකේ තියන Video එකේ තියෙන පියවර ටික හරියටම අනුගාමනය කරලා Lumion 8.5 Install කරගෙන, Open කරලා, ඒකෙ තියෙන Sample Project එකක් ඕපන් කරලා බලන්න. ප්‍රශ්නයක් ආවොත් පහල මගේ Number එකට Whatsapp Message එකක් දාන්න. ❤️

ඉතින් අවසානෙදි D5 Render Software එක ගැන විශේෂයෙන් කතා කරන්න ඕනෙ. මොකද මේක Lumion වලට වඩා ගොඩක් Quality එකෙන් වැඩි Renderings හදා ගන්න, විශේෂයෙන් ගොඩක් තාත්වික, Photorealistic Interior Renderings හදා ගන්න පුළුවන් Software එකක්. ඒක නිසා මේකට නම් ටිකක් හොඳ Computer එකක්/Laptop එකක් ඕනෙ.❤️

Seperate AMD හෝ Nvidia Graphics Card එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ. Nvidia RTX Series එකේ Graphics කාඩ් එකක් තියෙනවා නම් වඩාත් හොඳයි. D5 Render නිල website එකේ තියන විදිහට Software එක Run කරන්න අවශ්‍ය Graphics Cards තමයි මේ... 👇

මේ Cards අතරෙ ඔයාගෙ PC/laptop එකේ Graphics Cards තියෙනවා නම් ඔයාට පුළුවන් D5 Render software එක Run කරන්න. ඒත් අනිවාර්යයෙන්ම GTX Series එකේ/AMD Series එකේ කාඩ්ස් තියෙන අය පහල link එකෙන් ගිහින්, 

D5 Software එක Download කරලා, install කරලා, Open කරලා බලන්න Software එක වැඩ කරනවද කියලා. ප්‍රශ්නයක් ආවොත් පහල මගේ Number එකට whatsapp message එකක් දාන්න. ❤️

එහෙනම් මේ හැම විස්තරයක්ම හරියට කියවලා, ඔයා Course එකේදි කරන්න බලාපොරොත්තු වෙන Lumion/D5 Render Software දෙක හරියටම වැඩ කරනවද කියලා කලින් මම කියපු විදිහට Test කරලා, ඔයාට ඕනෙ කරන Software Combination එක හරියටම තීරණය කරන්න.

ඊට පස්සෙ අදාල Course Fee එක Full/Monthly/Half-Monthly මේ ඕනෙම විදිහකට ගෙවලා Course එකට Register වෙන්න මේ පහල Button එකෙන් ගිහින් Form එක Fill කරලා. Payments කරන්න ඕනෙ කරන Account Details ඔක්කොමත් මේ Link එකේ තියෙනවා. ❤️

 ඔයා university එකක හෝ, මොකක්ම හරි institute එකක architecture හෝ architecture වලට සම්බන්ධ Degree එකක්, Diploma එකක් හෝ මොකක්ම හරි course එකක් Follow කරනවා නම් ඒ හැමෝටම පොඩි discount එකක් තියනවා Student Version එකක් විදිහට... ❤️

ඔයාගෙ institute එකෙන් issue කරපු, ඔයාගෙ නමට තියන ID එකක දෙපැත්තෙ photos දෙකක් සහ national ID එකේ photo එකක් එක්ක මේ පහලින් තියන form එක "විතරක්" fill කරලා submit කරන්න. ඉහලින් තියන අනිත් අයට තියන general from එක fill කරන්න එපා. ❤️

Student Version එකේ prices මේ පහල registration link එකේම තියනවා. මේක Students ලට කරන්න බලාපොරොත්තු වෙන පොඩි උදවුවක් නිසා ව්‍යාජ්‍ය ක්‍රම පාවිච්චි කරලා මේ version එකට register වෙන්න try කරලා අනිත් අයට ලැබෙන්න තියන chance එකක් නැති කරන්න එපා කියලා ආදරයෙන් ඉල්ලනවා... ❤️

Form එක හරියටම කියවලා, නිවැරදි තොරතුරු එක්ක, පැහැදිලිව සම්පූර්ණ කරන්න. මොනවාහරි දෙයක් ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් පහල Whatsapp Number එකෙන් මට Message එකක් දාන්න. මම ඔයාව Contact කර ගන්නම්. ❤️

My WhatsApp Number:- 077 1500 542

ඒ වගේමයි හැමෝටම තියෙන ප්‍රශ්න ගැන වගේම Course එකේ අන්තර්ගතය ගැන සාකච්ඡා කරන්න මම YouTube/Facebook Live එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ලබන සතියේ දවසක හවස් වරුවෙදි. දවස සහ වෙලාව මම මගේ Facebook Profile එකෙන් දැනුවත් කරන්නම්. ඒකටත් Join වෙන්න. ❤️

එහෙනම් හැමෝටම ජය...!!! ❤️


මම, චාරක ශාමින්ද.